Health
නිකරුණේ බියවීම මානසික රෝගයක්දරෑ
ඇතැම් අය බයට බය වෙද්දී තවත් සමහරු බය නිසා සතුටක් ද විදිනවාග නමුත් එසේ ඇතිවන බය කාටවත් කරදරයක් නම් නොවේග එය ක්ෂණිකව ඇති වී නැවත මඟහැරී යයිග නමුත් දිගින් දිගටම ජීවිතයට යම් බලපෑමක් ඇති කරවන ආකාරයට බයක් ඔබට පවතිනවා නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුයිග බය බය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අපට අදහස් දැක්වූයේ සායනික මෝහන වෛද්‍ය එච්ග දමිත් හෙට්ටිආරච්චි මහතායිග
බය ජීවිතයට සතුටක්
බය නැමැති වචනය පිළිබඳ ඇසීම පවා බොහෝදෙනෙක් බියට පත්වන කරුණක් නමුත් බයෙහි යම් රසයක් ද නැත්තේම නැහැග මේ නිසාම සල්ලි ගෙවා බිය වීමට කැමැත්තක් දක්වනවාග හොල්මන් මන්දිරලහොල්මන් කතන්දර පවා බිහිවන්නේ මේ හේතුව නිසාවෙන් කෙසේ වෙතත් බයේ රසවත් බව නිසාම ජීවිතය සමබරව පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවාග
ඒ වගේම යම් ප්‍රමාණයකින් බිය පවත්වා ගෙන යාම ද වැදගත් වන්නේ ඇතැම් වැරදි ක්‍රියාවලට ස්වභාවිකවම එය වාරණයක් පණවන බැවිණිග මේවා සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත බයල ලැජ්ජා බය ලෙසින් ද හැඳින්වේග
බය ජීවිතයට ගැටලුවක්
තමන්ගේ ජීවිතය අවුල්වන තරමට යම් අයෙකුට බයක් ඇති වෙනවාග නම් එය යම් රෝගයක් හෝ ගැටලුකාරී තත්ත්වයක් විය හැකියිග මේ සඳහා ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේග
උපතේ සිට මරණය දක්වා පැවැත්මක්
දරුවෙක් ඉපදෙන විටම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිවන අතර අවසානයේ මරණය දක්වා එය පවතිනවාග ජීවිතයේ විශාලතම බිය ලෙසින් අපි සලකන්නේ මරණ බියයිග
මං යකෙකුටවත් බය නැහැ
යම් අයෙකුගේ ජීවිතයේ බය අඩු කර ගතහොත් එය ඔහුගේ ජීවිතය පවත්වාගෙන යාමට උපකාරයක්ග
බය ඇතිවීමට බලපාන හේතු
බය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග වේග උමතුව සයිකෝසියාව නිසාත් බය ඇති වේග ඒවාට ප්‍රතිකාර යෙදීමෙන් සරලව සුවකළ හැකි වේග
රෝගයක්ම නොවන මානසික තත්ත්ව
මෙම මානසික තත්ත්වය :ෆෝබියා- ලෙසින් හැඳින්වේග මේවා රෝග වශයෙන් හැඳින්විය නොහැකි වේග නමුත් මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධ ප්‍රතිකාර බහුලව භාවිතා නොවන අතර මනෝ චිකිත්සක ක්‍රම ප්‍රතිකාර ලෙස බොහෝදුරට භාවිතා වේග
බය බයකර ගනිමු
බය නැති කිරීම සඳහා ලොව අලුතින් බොහෝදෙනෙක් පිළිගත් පිළියම ඒ සඳහා මුහුණ දීමයිග උදාහරණයක් ලෙස යම් අයෙක් රැස්වීමක කථා කිරීමට බිය නම් ඒ තැනැත්තා ඒ සඳහා එකවරම ඇද දැමීම මින් අදහස් නොවේග අවශ්‍ය වන්නේ ටිකෙන් ටික අදාළ තැනැත්තාගේ හිත ශක්තිමත් කර අදාළ සිදු වීමට මුහුණ දීමට ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරිමයිග ඒ වගේම මනෝ චිකිත්සක ක්‍රම මඟින් අදාළ තැනැත්තාගේ යටි සිත ශක්තිමත් කර වීමට ද විවිධ උපක්‍රම වෛද්‍යවරුන් විසින් රෝගියාට පුහුණු කෙරෙයිග
බයේ විවිධ ප්‍රභේද
සමාජ භීතිකාවල උස තැන්වලට ඇති බයල කෘමීන්ටල කථාබහ කිරීමට ඇති බියල එන්නත් කටුවලටල වාහනවල යාමට තිබෙන බයල ආදරයටල ලිංගික ක්‍රියාවන්ට ඇති බයල කළුවරටල වතුරට ඇතිබය අමානුෂ්‍ය බය මීට ඇතුළත් වේග
බය සහ මානසික රෝග අතර සම්බන්ධය
බය සඳහා නිසිලෙස ප්‍රතිකාර නොකිරීමෙන් මානසික රෝග ඇතිවිය හැකියිග ඒ වගේම බය නිසා මානසික රෝග ද මානසික රෝග නිසා බයද ඇතිවිය හැකියග මෙය අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධයක් ඇති තේමාවන් දෙකක් වේග
බය නැති කිරීමට අවශ්‍ය හොඳ අවබෝධයම පමණි
අප කුඩා දරුවෙක් ලෙස ගත කරනවාට වඩා වැඩිහිටියෙක් බවට පත් වූ විට එම බිය පහ වී යයිග ඊට හේතුව වයසත් සමඟ අපට ලැබෙන අවබෝධය මුහුකුරා යාමයිග ඒ වගේම රෝගී තත්ත්වයක් නොවන බය නැති කිරීමට ඇති හොඳම මාර්ගය ද මෙය වේග
බය සම්බන්ධ ප්‍රධාන මානසික රෝග අවස්ථා
ග්‍රස්ථිය නැමැති රෝග තත්ත්වයෙන් පෙළෙන අය බොහෝවිට මානසික වශයෙන් ප්‍රතිකාර ගත්තද ඒවා සුව වන බවක් පෙනෙන්නට නොතිබේග ඊට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා යාමේදී පැහැදිලි වන්නේ ඔවුන් ග්රස්තිය නැමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයිග උදාහරණයක් ලෙස මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන අය නිතර නිතර අත සෝදන්නේ විසබීජ සඳහා තමා යම් බියකින් පසුවන නිසාවෙනිග තවත් අයෙක් දොරක් වැසීම වැනි ක්‍රියා නිතර නිතර කරන්නේ තමාගේ ආරක්ෂාව පිළිබඳ බියෙන් පසුවීම නිසායිග මෙය බහුල වශයෙන් දක්නට ලැබෙන රෝගයක් වන අතර ඊට මූලිකම හේතුව අදාළ පුද්ගලයාට ඇතිවන බියයි
curtesy :
dinamina.lk